Latest News

පාසල් ආරම්භ කිරීම 25 තෙක් කල් යයි

රට තුල පවතින ඉන්ධන අර්බුදය හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කිරීම යළිත් කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පාසල් නැවත ආරම්භ කිරීම ජූලි 25 වනදා දක්වා කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.