Latest News

හාලිඇල පාසල් සිසුවිය ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

බදුල්ල – හාලිඇල – උඩුවර වත්ත ප්‍රදේශයේ දී පාසල් සිසුවියක් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පොලීසිය විසින් අද (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, හාලිඇල උඩුවර වත්ත පහළ කොටසේ පදිංචි 18 හැවිරිදි ධර්මරාජ් ලිබියා නැමති පාසල් සිසුවියක්.

ඝාතනය සිදුකළ 33 හැවිරිදි සැකකාර තැනැත්තා ඊයේ (08) දිනයේදී එම ප්‍රදේශයෙන් පලා ගොස් සිටි අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් හතරක් යොදවා මෙහෙයුම් ක්‍රියාත්මක කළ බව හාලිඇල පොලීසිය සඳහන් කළා.

ඝාතනයට ලක්වූ දැරිය පාසල නිමවී බසයෙන් බැස උඩුවර වලස්බැද්ද මාර්ගයේ පාගමනින් යන අතරතුර ඇගෙන් ආදරය අයැද සිටි සැකකාර තරුණයා සිසුවියගේ හිසට පොරොවකින් කිහිපවරක් පහරදී ඝාතනය කර තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන්හාලිඇල පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරනවා.