Latest News

ගුරුවරියන්ගේ සාරිය කිසිවිටෙක වෙනස් කරන්නේ නැහැ – අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත

පවතින ආර්ථික තත්ත්වයත් සමග රජය විසින් රාජ්‍ය සේවකයන් හට පහසු ඇඳුමින් රාජකාරී සඳහා පැමිණීමට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී පාසල් ගුරුවරුන්ටද එම නීතිය ක්‍රියාත්මක කරන ලෙස සිදු කළ ඉල්ලීමත් සමග ගුරුවරියන්ගේ ඇඳුම සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතා බහක් ඇති වුණා.

මෙහිදී යෝජනා වුණේ, සාරිය නොවන වෙනත් පහසු ඇඳුමක් ඇඳීමට ගුරුවරින්ට අවසර ලැබිය යුතු බවයි.

නමුත් එම යෝජනාව පැමිණි මුල් අවස්ථාවේ ද මහා සංඝරත්නය එම යෝජනාවට විරුද්ධ වුණා.

ඒ අනුව අද (08) පාර්ලිමේන්තුවේ ද මේ පිළිබඳ සාකච්ඡාවක් ඇති වූ අතර, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කලේ, කිසි ලෙසකින් ගුරුවරියන්ගේ ඇඳුම වන සාරිය වෙනස්කිරීමට තීරණයක් නොගන්නා බවයි.

ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය කිසිම පියවරක් නොගන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළා.