ඉන්ධන අර්බුධයට රුසියාවෙන් විසඳුම් ?
ශ්‍රී ලංකාව විසින් රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කර ඇති ඉල්ලීම රුසියාව සලකා බලමින් සිටින බව රුසියානු තානාපති කාර්යාලයේ පළමු ලේකම් අනස්ටාෂියා හක්ලෝවා මහත්මිය සඳහන් කළා.
මෙහිදී ඇය වැඩිදුරටත් සඳහන් කලේ,
“ඉන්ධන ලබාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිදුකළ ඉල්ලීම් රුසියාව පාර්ශවයෙන් සලකා බලනවා.ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මේ සඳහා අවශ්‍ය සහය ලබාදෙනවා. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා සහ ශ්‍රී ලංකාවේ බලශක්ති අමාත්‍යවරයා අතර හමුවක් පැවති බවට පළවන වාර්තාව අසත්‍යයි.” යනුවෙන්.