තිළිණි ප්‍රියමාලිගේ සිද්ධියට ප්‍රවීන නිළි සේමිණී ඉද්දමල්ගොඩගෙන් ප්‍රශ්න කිරීමක්
තිළිණි ප්‍රියමාලිගේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රවීන රංගන ශිල්පිණී සේමිණී ඉද්දමල්ගොඩගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
අද දිනයේ (31) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඇයට දුන් දැනුම්දීමකට අනුව අදාළ ප්‍රශ්න කිරීම සිදුකර තිබෙනවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය 04කට ආසන්න කාලයක් ඇයගෙන් ප්‍රශ්න කිරීම් සිදු කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.
ඇය ප්‍රකාශ ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියේ සිය ස්වාමි පුරුෂයා සමගයි.
ඔහු ද පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරනවා.
තිළිණි ප්‍රියමාලි සමග ඇයගේ තිබූ සමීප සබඳතාව, තිළිණි ඇයට ලබා දී තිබූ මුදල් ප්‍රමාණය සහ හඬපට සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් සේමිණී ඉද්දමල්ගොඩගෙන් මෙහිදී විමසා තිබෙනවා.
කෙසේවෙතත් ප්‍රශ්න කිරීමේදී ඇය තිළිණි සමග කළ ගනුදෙනු සහ හඬපට ප්‍රතික්‍ෂේප කර ඇති බව වාර්තා වනවා.