15 හැවිරිදි දැරිය ලිංගික අපයෝජනය කළ සෙබළා අත්අඩංගුවට
තිරප්පනේ ප්රාදේශයේ රජයේ පාසලක ගුරු විවේකාගාරයක් තුළදී 15 හැවිරිදි පාසල් සිසුවියක බරපතල ලෙස ලිංගික අපයෝජනයක් සිදු කළ බව කියන 24 හැවිරිදි යුද හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිසුවිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ මවට දැනුම් දීමෙන් අනතුරුව එම සිද්ධිය සම්බන්ධව තිරප්පනේ පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
මෙහිදී පොලිසිය සඳහන් කලේ, මෙම සිදුවීම පාසල් වේලාවෙන් පසුව සිදුව ඇති බවට මූලික විමර්ශවලදී අනාවරණය වී ඇති බවයි.