Latest News

වසර දෙකේ සිරදඬුවමට එරෙහිව ශෂී වීරවංශගෙන් අභියාචනාවක්

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ලෙස රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ ශෂී වීරවංශ විසින් වසර දෙකක සිරදඬුවමට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඇය ඇප මත මුදාහරින ලෙස ඇයගේ නීතිඥවරුන් කළ ඉල්ලීම ලබන 30 වනදා සලකා බලන බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම ඇප ඉල්ලීම අද (27) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතාගේ නිල මැදිරිය තුළදී කැඳවනු ලැබුවා.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ලෙස රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ශෂී වීරවංශට අද, වසර දෙකක සිර දඬුවම් නියම කළා.