ශෂී වීරවංශ අදත් අධිකරණයට
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ අද (31) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබෙනවා.
ඒ අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් වසර දෙකක සිර දඬුවම් නියම වූ ඇයගේ ඇප ඉල්ලීම සළකා බැලීම සඳහායි.
ඇයගේ නීතීඥවරුන් විසින් පසුගිය සිකුරාදා ඉදිරිපත් කළ අභියාචනය ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ඉදිරියේ ඊයේ (30) කැඳවනු ලැබුවා.
එහිදී ඇප ඉල්ලීම අද (31) දින සලකා බැලීම සඳහා කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
මේ අතර අභියාචනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරන ලෙස දන්වමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නීතිපතිවරයා වෙත නොතීසි ද නිකුත් කිරීමට කටයුතු කර තිබුණා.