Latest News

තමන් හිතාමතාම කොවිඩ් 19 වෛරසය ආසාදනය කර ගත් බවට ජනප්‍රිය ගායිකාවක ගෙන් ප්‍රකාශයක්

තමන් හිතාමතාම කොවිඩ් 19 වෛරසය ආසාදනය කරගත් බව ජනප්‍රිය චීන ගායිකා ජේන් සෙන්ග් පවසා තිබෙනවා.

ඇය විසින් සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සඳහන් කර ඇත්තේ, තමන් හිතාමතා කොවිඞ් 19 වෛරස ආසාදිතයකු බවට පත් වුයේ, දැන දැනම ගොස් එම වෛරසය ආසාදිත තම මිතුරන් පිරිසක් හමුවීමෙන් බවයි.

ජේන් සෙන්ග්, නව වසර උදාව සමරමින්, මහා සංගීත ප්‍රසංගයකට සහභාගී වීමට නියමිතව සිටිනවා.

සංගීත ප්‍රසංගය පැවැත්වෙන දා තමන්ට වෛරසය ආසාදනය වුවහොත්, එය සංගීත සංදර්ශනයට බාධාවක් බැවින්, ඊට පෙර තමන් කැමැත්තෙන්ම වෛරස ආසාදිතයකු වූ බවත් සංගීත සංදර්ශනය පැවැත්වෙද්දී තමන්ට සුවය ලැබීමට කල්වේලා ඇති බවත් ජේන් සෙන්ග් පැහැදිලි කර තිබෙනවා.

මෙම පැහැදිලි කිරීම මේ වන විට චීනයේ ආන්දෝලනයට ලක්වූ පුවතක් ලෙස වාර්තා වනවා.

මේ වනවිට තමන් හුදෙකලා වී සිටින බවත්, ඇති තරම් ජලය පානය කරන බවත් විටමින් සී නියමිත මාත්‍රා ලබා ගන්නා බවත් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජේන් සෙන්ග් වැඩි දුරටත් පැහැදිලි කර තිබෙනවා.

මේ වනවිට චීනයේ ඉතා වේගයෙන් කොවිඩ් 19 වෛරස පැතිර යන අතර දිනකට ආසාදිතයන් 40,000 ක් පමණ වාර්තා වන බව චීන සෞඛ්‍ය අංශ පවසනවා.