Latest News

ක්‍රිකට් ආයතනය හදිස්සියේම ගත්ත අලුත්ම තීරණය

2022 වසරේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයිනගේ ශාරීරික යෝග්‍යතා පරිසාධන මට්ටම ඉහළ දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙනුවෙන් නිර්දේශිත කිලෝ මීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය විනාඩි 8යි තත්පර 35කින් අවසන් කිරීමේ කඩයිම, විනාඩි 8යි තත්ත්පර 10 ක් දක්වා අඩුකර ඇත.

මේ අතර ස්කින් ෆෝල්ඩ් (skin-fold test) පරීක්ෂණයේ පරිසාධන මට්ටම වී තිබූ 80 මට්ටමේ සිට 70ව දක්වා 10 කින් අඩුකිරීමට පියවර ගෙන තිබීමත් කැපී පෙනෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟින් කොන්ත්‍රාත්තු ගත ක්‍රීඩකයින් 60 දෙනා සඳහා මෙම නව පරිසාධන මට්ටම අදාළ වෙයි.

ලබන ජනවාරි 7 වනදා ඔවුන්ට මෙම යෝග්‍යතා පරීක්ෂණයට මුහුණදීමට සිදුවනු ඇත.

ඒ ජනවාරි මස සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා එක්දින තරග සංචාරය ඉලක්ක කරගනිමින්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ජීවන් මෙන්ඩිස් ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සිය සමුගැනීම සනිටුහන් කර ඇති බව වාර්තා වේ.

2010 වසරේ ජාත්‍යන්තර වරම් හිමිකර ගත් ජීවන් මෙන්ඩිස් එක්දින ජාත්‍යන්තර තරග 58කට සහභාගී වී කඩුලු 28ක් සහ ලකුණු 636 ක් ලබාගෙන තිබෙනවා.

20 යි 20 ජාත්‍යන්තර තරග 22 කට සහභාගී වී ඇති ජීවන් මෙන්ඩින් කඩුලු 12ක් සහ ලකුණු 207ක් රැස් කරගැනීමට සමත්වී ඇත.

අවසන් වරට ඔහු ජාත්‍යන්තර එක්දින තරගයකට සහභාගී වී ඇත්තේ 2019 වසරේ ජුනි මාසයේ දකුණු අප්‍රිකාව සමග පැවති තරගයකටයි.