ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් උප නායකත්වය චරිත් අසලංකට
ශ්‍රී ලංකා විස්සයි 20 ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වයට යොවුන් පිතිකරු චරිත් අසලංක පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ දී ලබන පෙබරවාරි මස පැවැත්වීමට තිබෙන තරඟ පහකින් සමන්විත විස්සයි20 තරගාවලියේදී අසලංක උප නායකයා ලෙස කටයුතු කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා වයස 19 න් පහළ පිලේ නායකයා ලෙස ද කටයුතු කළ 24 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක අසලංක මේ වන විට විස්සයි20 අන්තර්ජාතික තරග නවකට සහභාගි වී ලකුණු 295 ක් රැස්කර ගෙන තිබෙනවා.
ඕස්ට්‍රේලියානු සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායම:
දසුන් ශානක (නායක)
චරිත් අසලංක (උප නායක)
අවිෂ්ක ප්‍රනාන්දු
පැතුම් නිස්සංක
ධනුෂ්ක ගුණතිලක
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
චාමික කරුණාරත්න
ජනිත් ලියනගේ
කමිල් මිෂාර
රමේෂ් මෙන්ඩිස්
වනිඳු හසරංග
ළහිරු කුමාර
නුවන් තුෂාර
දුෂ්මන්ත චමීර
බිනුර ප්‍රනාන්දු
මහේෂ් තීක්ෂණ
ජෙෆ්රි වැන්ඩසේ
ප්‍රවීන් ජයවික්‍රම
ශිරාන් ප්‍රනාන්දු