ආසියානු ශුරියෝ විශේෂ රථ පෙරහරකින් කොළඹට
ආසියානු දැල් පන්දු ශූරතාවය දිනාගත් ක්රිඩිකාවන් රැගත් විශේෂ රථ පෙරහර මේ වනවිට කොළඹ යූනියන් පෙදෙස වෙත පැමිණ තිබෙනවා.
මේ වන විට එම ස්ථානයේ ඔවුන්ට අචාර කිරිම සඳහා විශාල ජනකායක් රැදී සිටින බවයි වාර්තා වන්නේ.
ශ්රී ලංකා දැල් පන්දු කණ්ඩායම රැගත් විශේෂ රථ පෙරහර අනතුරුව ශ්රී ලංකා දැල්පන්දු සම්මේලන මුලස්ථානය වෙත ගමන් කරනු ලබනවා.
සිංගප්පුරුවේ පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලියේ අවසන් තරඟයේදී සිංගප්පූරු කණ්ඩායම පරාජය කරමින් ශුරතාව දිනු ශ්රී ලංකා කණ්ඩායම UL 315 ගුවන් යානයෙන් ඊයේ (12) රාත්රියේ දිවයිනට පැමිණියා.
එම කණ්ඩායම පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එහිදි සංවිධාන කර තිබුණා.
එහිදී අදහස් දැක්වූ ශ්රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ නායිකා, ගයන්ජලී අමරවංස සඳහන් කලේ, කණ්ඩායමේ සියලුදෙනාගේ එකමුතුකම ජයග්රහණයට හේතුවක් වූ බවයි.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගයන්ජලී අමරවංස,
“නායිකාව විදියට විශාල සතුටක් තියෙනවා. මට විශාල සහයෝගයක් ලබාදුන්නා කණ්ඩායමක් විදියට. ඒ වගේම කණ්ඩායමක් විදියට අපිට දිනන්න උවමනාව තිබුණා. ඒ වගේම එකමුතුකම හා සමගිය තිබුණ නිසා තමයි අපි ජයග්රහණය කලේ.”