ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මලයාසියාවට එරෙහිව තියුණු ජයක් වාර්තා කරයි
ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලියේ දෙවැනි වටයේ දී ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරඟයෙන් තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (06) සමත් වුණා.
ඒ, මලයාසියාවට එරෙහිව ලකුණු 55ක් රැස්කරමින්.
එම තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 55ට 53ක් ලෙස තියුණු ජයක් හිමිකර ගත්තා.
ආසියානු දැල්පන්දු ශූරතා තරඟාවලියේ දෙවැනි වටයේ ඊ කාණ්ඩයේ තරඟයක් ලෙස පැවති මෙම තරඟය ආරම්භයේ පටන් තියුණු මුහුණුවරක් ගත් අතර එහි පළමු කාර්තුවේදී ලකුණු 15 ට 13ක් ලෙස පෙරමුණ ගැනීමට මලයාසියාවට හැකි වුණා.
එහි දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා පිල ලකුණු 17ට 15ක් ලෙස එය ජය ගත්තා.
තීරණාත්මක තෙවැනි කාර්තුවද ලකුණු 15ට 8ක් ලෙස දැවැන්ත ලකුණු පරතරයක් සහිතව ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා.
ඒ අනුව අවසන් කාර්තුවේදී නැවතත් ආක්‍රමණශීලි ක්‍රීඩා රටාවකට පිවිසි මලයාසියානු කණ්ඩායම එම කාර්තුව ලකුණු 15ට 10ක් ලෙස ජයගත්තා.
කෙසේවෙතත් සමස්ථයක් ලෙස ලකුණු 55ට 53ක් ලෙස තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි වුණා.
මෙම තරඟාවලියේ දෙවැනි වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මීලඟ තරඟය අද (07) සිංගප්පූරුව සමගින් පැවැත්වීමට නියමිතයි.