පළමු වරට රජරට විශ්වවිද්‍යාලයට උපකුලපතිනියක්
ශ්‍රි ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිනිය ලෙස මහාචාර්ය සංජිවනී ගිනිගද්දර මහත්මිය පත්කර තිබෙනවා.
ඇය එම විශ්වවිද්‍යාලයේ හත්වන උපකුලපතිනිය වන අතර එම තනතුර ලබන පළමුවන කාන්තාව ද වේ.
ජනාධිපතිවරයා විසින් ඊයේ (13) එම පත්වීම ලබා දී ඇති අතර එම මහත්මිය මීට පෙර එම විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්යවරියක ලෙස ද කටයුතු කර තිබෙනවා.
ඒ අනුව නව උපකුලපති තනතුර පත්කිරීම සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ එම සරසවි පාලක සභාව මගින් කරන ලද නිර්දේශවලට සිදුකර ඇත.
ඇය විශ්වවිද්‍යාලය හා ව්‍යවසායකියන් අතර මනා සම්බන්ධතාවයක් ගොඩනැගීම ආදී නව නිපැයුම් ක්ෂේත්රයන්ට සම්බන්ධව කටයුතු රාශියකට උරදි සිටින කෘෂි පර්යේෂණ හා නව තාක්ෂණ ආදී ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුකළ පර්යේෂකාවියක් ද වනවා.
රජරට විශ්වවිද්‍යාලයේ මෑත දී ආරම්භ කළ ව්‍යාපාර සම්බන්ධීකරන කාර්යාලයේ අධ්‍යක්ෂිකාව වශයෙන් ද ඇය කටයුතු කළා.