ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරෙයි
සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන පන්දු වාර 20 සහ එක්දින ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩිකාවන් 19 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (20) නිල වශයෙන් නම් කර තිබෙනවා.
ඒ අනුව චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කාන්තා පිල සහ ඉන්දීය පිල අතර තරඟාවලිය ලබන ජුනි 23 වැනිදා ආරම්භ වනවා.
2018 ශ්‍රී ලංකාවේ කරන ලද තරග සංචාරයෙන් අනතුරුව එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීම සඳහා හර්මන්ප්‍රීත් කෞර්ගේ නායකත්වයෙන් යුතු ඉන්දීය කණ්ඩායම මේ වන විටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් වරට ද්වී පාර්ශවික තරඟාවලියකට ශ්‍රී ලංකාවේදී සහභාගිව ඇත්තේ මීට වසර 4 ක පෙරයි.
ඒ 2019 වසරේ මුල් භාගයේදී යි.
ඉන් අනතුරුව කොවිඩි – 19 වෛසරයේ බලපෑම හේතුවෙන සෑම රටකටම ජාත්‍යන්තර කාල සටහන තාවකාලිකව අවලංගු කෙරුණා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම –
1. චමරි අතපත්තු (නායිකාව)
2. හසිනි පෙරේරා
3. කවීෂා දිල්හාරි
4. නිලක්ෂි ද සිල්වා
5. අනුෂ්කා සංජීවනී
6. ඕෂදී රණසිංහ
7. සුගන්දිකා කුමාරි
8. ඉනෝකා රණවීර
9. අචිනි කුලසූරිය
10. හර්ෂිතා සමරවික්‍රම
11. විශ්මි ගුණරත්න
12. මල්ෂා ෂෙහානි
13. අමා කාංචනා
14. උදේශිකා ප්‍රබෝධනී
15. රෂ්මි ද සිල්වා
16. හංසිමා කරුණාරත්න
17. කෞෂානි නුත්‍යාංගනා
18. සත්‍යා සංදීපනී
19. තාරිකා සෙව්වන්දි