Latest News

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම T20 අවසන් පූර්ව වටයට

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බංගලාදේශ කණ්ඩායම සමග අද (10) පැවති තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 3කින් ජය ගත්තා.

ඒ අනුව තරඟාවලියේ මූලික වටයේ මේ දක්වා සහභාගී වූ තරඟ 5න් 4ක් ජයගෙන ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

බංගලාදේශ සමග අද පැවති තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දුවාර 18යි එක් පන්දුවකදී කඩුළු 5ක් දැවී ලකුණු 81ක් රැස් කරගෙන සිටියදි තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ අනුව බංගලාදේශයට ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 7කදී හිමිවූ ඉලක්කය ලකුණු 41ක්.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ බංගලාදේශයට පන්දුවාර 7 අවසානයේ කඩුළු 7ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 37ක් පමණයි.

සුපිරි පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර ලකුණු 7කට කඩුළු 4ක් දවාගත්තා.