2023 SLIM KANTAR ජනතා සම්මාන ත්‍රිත්වයම ශලනි තාරකාට
2023 SLIM KANTAR ජනතා සම්මාන උළෙල දී ප්‍රථම වතාවට ජනතා සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලැබීමට රංගන ශිල්පිනී ශලනි තාරකා සමත්ව තිබෙනවා.
ඒ අනුව වසරේ ජනතාවගේ රංගන ශිල්පිනිය, වසරේ ටෙලි නාට්‍ය නිළිය සහ වසරේ තාරුණ්‍යයේ රංගන ශිල්පිනිය ලෙස ශලනි තාරකා සම්මාන හිමිකර ගනු ලැබුවා.
මෙවර 2023 ස්ලිම් කැන්ටර් ජනතා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අයුරින් ශ්‍රී ජයවර්ධනපුරදී ඊයේ (28) පැවැත්වුණා.
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව තිබුණා.
මේ අතර 2023 ස්ලිම් කැන්ටර් සම්මාන උළෙලේ ජනතාවගේ රංගන ශිල්පිනිය ලෙස ප්‍රවීන රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මිය සම්මානයට පාත්‍ර වුණා.
එමෙන්ම වසරේ ගායිකාවට හිමි සම්මානය ශෂිකා නිසංසලාට හිමිව තිබෙනවා.