SMS මගින් සා.පෙළ සිසුවෙකු උත්තර ලබාදුන් ගුරුවරිය අද අධිකරණයට
SMS කෙටි පණිවුඩ මගින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුවෙකු සහ ඊට සහය දුන් ගුරුවරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බලංගොඩ පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනා ඊයේ (06) අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.
ඊයේ පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් බලංගොඩ ප්‍රදේශයේ පාසලක බාහිර අයැදුම්කරුවෙකු වෙනත් පාසලක විභාග රාජකාරියේ යෙදී සිටි ගුරුවරියක සමග දුරකතනය ඔස්සේ SMS පණිවුඩ හුවමාරු කර ගනිමින් විභාගයට මුහුණ දෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
සැකකාර ගුරුවරිය විභාග රාජකාරී අතරතුරු අයැදුම්කරුට කෙටි පණිවුඩ මාර්ගයෙන් පිළිතුරු ඒවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සැකකාර සිසුවා ජංගම දුරකතනය තම සපත්තුවේ සඟවාගෙන මෙලෙස විභාගයට පිළිතුරු සපයා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.
බලංගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.