නුවරඑළියට මල්තුහින
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
මේ අතර අද (24) හිමිදිරියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල මල්තුහින තත්වයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවද අදාළ නිවේදනයේ සඳහන්.
එසේම ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල රාත්‍රී සහ අලුයම කාලවලදී තරමක ශීත කාලගුණ තත්වයක් අපේක්ෂා කරනු ලබන අතර බස්නාහිර සබරගමුව, මධ්යමඋතරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකිද අදාළ නිවේදනයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබෙනවා.