Latest News

සෝනියා ගාන්ධි හා ඇගේ පුතුට විරුද්ධව මුදල් විශුද්ධිකරණ චෝදනා

2015 දී විමර්ශන කටයුතු අවසන් කළ මුදල් විශුද්ධිකරණ චෝදනාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය ඊයේ (1) එරට ප්‍රධානතම දේශපාලන පවුලක සාමාජිකයන් දෙදෙනෙකු කැඳවා තිබෙනවා.

ඒ අනුව කොංග්‍රස් පක්ෂයේ සභාපති සෝනියා ගාන්ධි මහත්මිය සහ ඇයගේ පුත්‍රයා වන කොංග්‍රස් මන්ත්‍රී රාහුල් ගාන්ධි මෙලෙස කැඳවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ,රාහුල් ගාන්ධි අද (2) දිනත් සෝනියා ගාන්ධි මහත්මිය එළඹෙන (8) වෙනි දිනත් ප්‍රකාශ ලබා ගැනීම සඳහා ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය වෙත කැඳවා ඇති බවයි.

කෙසේවෙතත් රාහුල් ගාන්ධි මහතා ඉන්දියාවේ නොමැති වීම හේතුවෙන් එළඹෙන (5) වෙනිදායින් පසුව ඉන්දීය මූල්‍ය බුද්ධි අංශය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

වසර 9කට පමණ පැරණි මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ, ගාන්ධි පවුල විසින් නාමික සමාගමක් (Shell Company) පිහිටුවා ඒ ඔස්සේ ඩොලර් මිලියන 300ක දේපළ අත්පත්කරගෙන ඇති බවයි.