Latest News

රොකට්ටුවක් සඳට කඩා වැටෙයි

ඊලොන් මස්ක් ගේ සමාගම විසින් අභ්‍යවකාශ ගත කළ ස්පේස් එක්ස් යානයේ රොකට්ටුවේ කොටසක් සඳට කඩාවැටීමට නියමිත බව විද්‍යාඥයෝ පවසනවා.

එම රොකට්ටුව මීට වසර 7කට පමණ පෙර අභ්‍යවකාශගත කෙරුණු අතර එහි කොටසක් මාර්තු මාසය වනවිට සඳ මත පතිත වියහැකි බව අනුමාන කෙරෙනවා.

සාමාන්‍යයෙන් එවැනි රොකට්ටු, කාර්ය නිමවීමෙන් අනතුරුව එය අභ්‍යවකාශයේ අතහැර දමයි.

නාසා ආයතනයේ “Deep Space Climate Observatory” නම් චන්ද්‍රිකාව කක්ෂගත කිරීම සඳහා 2015දී එම රොකට්ටුව උපයෝගී කර ගැනුණා.

එහි කොටසක් පැයට සැතපුම් 9,000ක පමණ වේගයෙන් සඳ ට කඩාවැටීමට ඉඩ ඇති බව තාරකා විද්‍යාඥ බිල් ග්‍රේ සඳහන් කළා.