Latest News

ආදායම් වාර්තා අලුත් කළ Spider-Man: No Way Home චිත්‍රපටය

Spider-Man: No Way Home චිත්‍රපටය පසුගියදා ලොව පුරා එළිදැක්වූ අතර මේ වනවිට එම චිත්‍රපටය බලාපොරොත්තු නොවූ ආකාරයට ආදායම් වාර්තා අලුත්කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එම වාර්තාවලට අනුව වසංගත සමයේ එළිදැක්වුණු චිත්‍රපට අතුරින් සාර්ථකම චිත්‍රපටය මෙය වන අතර මේ වනවිට එම චිත්‍රපටය බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් බිලියනය ඉක්මවා ඇති බව වාර්තා වනවා.

Spider-Man: No Way Home චිත්‍රපටය එළිදක්වා දැනට දින 12ක් පමණක් ගතවී තිබෙනවා.

ඒ අනුව 2015දී එළිදැක්වුණු “Star Wars: The Force Awakens” චිත්‍රපටය හා මෙම චිත්‍රපටය සමවී ඇත්තේ තෙවැනි වේගවත් කාලයකින් ඩොලර් බිලියනය සීමාව ඉක්මවූ නිර්මාණය ලෙසයි.

ඉන් ඉදිරියෙන්ම පසුවන්නේ 2018 එළිදැක්වුණු “Avengers: Infinity War” සහ 2019 නිෂ්පාදිත “Avengers: Endgame” යන චිත්‍රපට දෙක වේ.

එම නිර්මාණ වලට ඩොලර් බිලියනක ආදායම වාර්තා කිරීමට ගත වූයේ දින 11 1/2ක්.