Latest News

ධාවන ශූරිය ඝාතනය කෙරේ

කෙන්යානු මලල ක්‍රීඩිකා දුගුදුර ධාවන ශූරි ඇග්නස් ටිරෝප් ඝාතනය කර තිබෙනවා.

ඇය කිලෝමීටර 10 ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියනු ඇත.

ඇග්නස් ටිරෝප් විසින් මෙම ලෝක වාර්තාව බිහි කළේ ඉකුත් මාසයේදී වීමද විශේෂත්වයක්. ඒ, වසර 19 ක් පැරණි වාර්තාවක් බිද හෙළමින්.

මියයන විට ඇග්නස් ටිරෝප් 25 වියේ පසු වුණා.

මේ අතර මෙම ඝාතනය ඇගේ සැමියා විසින් සිදු කරන්නට ඇති බවට සැක කෙරේ.