ක්ෂේත්‍රය කුමක් වුවත් විදෙස් රැකියා සඳහා යොමුවෙන පුද්ගලයින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිවීම අනිවාර්යයි
විදේශ රැකියා සඳහා යන පුද්ගලයින් පවතින නීතියට අනුව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිවීම අත්‍යවශ්‍ය බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
ඒ අනුව කොවිඩ් එන්නත් ලබාදීම සඳහා සිය ආයතනයේ ලියාපදිංචිවී සිටීම අනිවාර්ය සාධකයක් සේ සලකන බව එම කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක මංගල රන්දෙණිය මහතා සඳහන් කළා.
මේ අතර නෞකාවල සේවයට එක්වන පුද්ගලයින්, විදෙස් සමාගම් සමඟ ගිවිසුම්ගතව හෝ කොන්ත්‍රාත් පදනම මත විදෙස් රැකියා සඳහා යොමුවන ඇතැම් පිරිස් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවන අවස්ථා දක්නට ලැබෙනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල රන්දෙණිය මහතා සඳහන් කළේ, එවැනි පුද්ගලයින්ද කොවිඩ් එන්නත් ලබා ගැනීමට යොමුවීමේදී සිය ආයතනයේ ලියාපදිංචිවී සිටීම අනිවාර්ය වන බවයි.