ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් හට ගෘහපාලන සහකාරවරියන් ලෙස පුහුණුවක්
ශ්‍රී ලාංකික කාන්තාවන් ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතකිරීම නතර කරන බවත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.
ශ්‍රී ලාංකික කාන්තාවන්ට විදෙස් ගෘහ සේවයේ යෙදීම සඳහා උසස් ප්‍රතියෙන් යුත් පුහුණුවක් ලබාදීමට ද මෙහිදී සැලසුම් කර තිබෙනවා.
අදාළ පුහුණුව ලබන වසර මුල ආරම්භ කිරීමට නියමිතයි.