Latest News

එංගලන්තයේ සාත්තු සේවා රැකියා ලබා දෙන බවට පැවසූ කාන්තාවක් අත්අඩංගුවට

එංගලන්තයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ සුපිරි හෝටලයක සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසූ ඔවුන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එහිදී රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහැර තිබෙනවා.

මෙම නඩුව යළි දෙසැම්බර් මස පළමුවැනිදා කැඳවීමට නියමිතයි.

එංගලන්තයේ සාත්තු සේවා රැකියා සඳහා බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද තොරතුරක් අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් එම ස්ථානය වැටලීම් කර තිබෙනවා.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී රුපියල් ලක්ෂ 3ක මුදලක්, විදේශ රැකියා අයදුම්පත් හා රිසිට් පොත් දෙකක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.