ශ්‍රී ලංකාවේ ළාබාලතම ගුවන් නියමුවරිය
ශ්‍රී ලංකාව තුළ ගුවන් නියමු බලපත්‍රයක් හිමිකරගත් ළාබාලතම කාන්තාව වන්නේ සත්නාරා ප්‍රනාන්දු ය.
ගුවන් නියමුවරියක් වන ඇය මේ වනවිට 17වන වියේ පසුවන්නීය.
“2006 දී යුද්ධය කාලේ අපේ ගෙදර වහලය උඩින් කෆීර් යද්දි කෑගගහ බලනවා. ගුවන් යානාවලට තියෙන ආශාවත් එක්ක මම ඉස්සරහට ආවා.” මම පටන් ගත්තේ අවුරුදු 16න්, සාමාන්‍ය පෙළ ඉවර වෙලා උසස් පෙළ කරන්න ඕනි නැහැ අම්මා, මම degree එකක් කරලා මගේ piloting ක්ෂේශ්ත්‍රයට ඇතුල් වෙනවා. 2020 ජනවාරි 27 මට සාමාන්‍ය පෙළ ප්රතිපලවත් ඇවිත් නැහැ ඒ කාලේ,” යනුවෙන් ඇය සඳහන් කළා.
ඇය මේ බව සඳහන් කළේ, දෙරණ ON TOPIC වැඩසටහන සමග එක්වෙමින්.
මේ වන විට ඇය උසස් අධ්‍යාපනය සඳහා Cyber Security හදාරන බවද සඳහන් කරනු ලැබුවා.