19 න් පහළ ක්‍රිකට් බාලිකා කණ්ඩායම සිවුකොන් තරඟාවලියක් සඳහා හෙට ඉන්දියාව බලා පිටත්ව යයි
වයස අවුරුදු 19 න් පහළ බාළිකාවන්ගේ ලෝක කුසලාන තරඟාවලියට පෙර සූදානමක් ලෙසින් ඉන්දියාවේ පැවැත්වෙන සිවුකොන් ක්‍රිකට් තරඟාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ බාලිකා කණ්ඩායම හෙට (09) ඉන්දියාව බලා පිටතව යාමට නියමිතව තිබෙනවා.
ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලියේදී ‘ඒ’ සහ ‘බී’ වශයෙන් ඉන්දීය බාලිකා කණ්ඩායම් දෙකක් තරඟ වැදීම විශේෂත්වයක්.
ශ්‍රී ලංකාව හැරුණු විට තරඟාවලිය නියෝජනය කරනු ලබන අනෙක් රට වන්නේ බටහිර ඉන්දීය කොදෙව් දේශයයි.
මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟ 3 කට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙන අතර නොවැම්බර් 13 වනදා ඉන්දීය ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු තරඟයට සහභාගිවනු ලබනවා.
විසාග්හි පැවැත්වෙන මෙම තරඟාවලියේ වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් ලබාගනු ලබන කණ්ඩායම ලබන 19 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරඟ අවස්ථාව සඳහා සුදුසුකම් ලබන බවයි වාර්තා වන්නේ.