19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතයට තේරීපත් වූ උතුරේ දැරිය
19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය සඳහා කිළිනොච්චි දිස්ත්‍රික්කයේ පාසල් දැරියක් තේරී පත්ව තිබෙනවා.
මෙලෙස සංචිතයට තේරීපත්ව ඇත්තේ,කිළිනොච්චිය ශාන්ත තෙරේසා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සතාශිවම් කලෙයරසි නමැති දැරියයි.
ඇය 19න් පහළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය සඳහා උතුරු පළාතෙන් සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩිකාව ද වනවා.
අදාළ දැරියගේ දක්ෂතාවයන් ඇගයීම වෙනුවෙන් ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ජේ.රාකේෂ් නට්රාජ් මහතාද මුදල් ආධාර ලබාදීම පසුගියදා සිදුකළා.