Latest News

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට කරන ගෙවීම් වැඩි කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට ගෙවනු ලබන “තරඟ මුදල්” වැඩිකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව 20/20යි තරඟයක් සඳහා හෝ එක්දින ජාත්‍යන්තර තරඟයක් සඳහා එක ක්‍රීඩිකාවකට ගෙවූ ඩොලර් 250 මුදල ඩොලර් 750 දක්වා වැඩිකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

කණ්ඩායමේ සිටින සෑම අතිරේක ක්‍රීඩිකාවක් සඳහාම තරඟ මුදලින් 25% බැගින් ගෙවනු ලබනවා.

එසේම ජයග්‍රහණය කරනු ලබන සෑම තරඟයක් සඳහාම එක් එක් ක්‍රීඩිකාවකට ඩොලර් 250ක පාරිතෝෂිත දීමනාවක් හිමිවන බව වාර්තා වනවා.

මෙම ගෙවීම් 2023 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක බවයි අදාළ නිවේදනයේ දැක්වෙන්නේ.