Latest News

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු පුහුණු තරඟය ජය ගනියි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (06) සහභාගි වූ පළමු පුහුණු තරඟයේදී අයර්ලන්ත පිලට එරෙහිව ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට සමත්ව තිබෙනවා.

ජයග්‍රහණය සඳහා ලකුණු 150 ක ඉලක්කය හඹාගිය අයර්ලන්තය ඕවර 19.5 කදී ලකුණු 147 කට සීමා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

ශ්‍රී ලංකා කාන්තා පිල ඕවර 20 කදී කඩුලු 5 ට ලකුණු 149 ලබා ගෙන තිබුණා.

එහිදී හර්ෂිතා සමරවික්‍රම ලකුණු 56ක් , චමරි අතපත්තු ලකුණු 27, විශ්මි ගුණරත්න ලකුණු 36 හා අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 17ක් රැස්කරනු ලැබුවා.

එමෙන්ම ඕෂදී රණසිංහ හා ඉනෝකා රණවීර කඩුළු 3 බැගින් දවා ගනු ලැබුවා.

අයර්ලන්ත කාන්තා පිල ඕවර 19.5 කදී සියලු දෙනා දැවී රැස්කර ගනු ලැබුවේ ලකුණු 147ක් පමණයි.