Latest News

ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකික තරුණයෙකුට වසර 13ක සිර දඬුවම්

ඕස්ට්‍රේලියාවේ බාලවයස්කාර දැරියන්ට නිරුවත් ඡායාරූප එවන ලෙස තර්ජනය කළ 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙකුට වසර 13 ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

එරට වික්ටෝරියා ප්‍රාන්තයේ අධිකරණයක් විසින් මෙම සිර දඬුවම නියම කරනු ලැබුවා.

මෙම ශ්‍රීලාංකික සිසුවා උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් ඇති අතර ඔහු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සිසුවා විසින් තමන් වෙත නිරුවත් ඡායාරූප එවන ලෙස බාලවයස්කාර දැරිවියන් කිහිපදෙනෙකුට තර්ජනය කර ඇති අතර එසේ නොකොළහොත් ව්‍යාජ ඡායාරූප සකස් කර එම දැරිවියන්ගේ හිත මිතුරන්ට ලබා දෙන බව පවසා තිබෙනවා.

මේ අතර තර්ජනය කළ දැරිවියන් අතර වයස අවුරුදු 10 ක දැරිවියක් ද සිට ඇති බව වාර්තා වනවා.

2020 වසරේ මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසියට ලද පැමිණිල්ලකට අනුව මෙම සිසුවා අත්අඩංගුවට ගෙන තිබුණා.

නඩු විභාගයෙන් පසු මොහුට වසර 13 ක සිර දඬුවමක් ලැබී ඇති අතර සිර දඬුවම අවසානයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බව ඕස්ට්‍රේලියානු බලධාරීන් සඳහන් කර තිබෙනවා.