තුර්කියේ භූ කම්පනයෙන් විපතට පත් පවුලට නවාතැන් දුන් ශ්‍රී ලාංකික තරුණිය
තුර්කියේ සහ සිරියාවේ ඇති වූ භූ කම්පනවලින් විපතට පත් පවුලකට නවාතැන් ලබා දීමට ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක ගැන බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
තුර්කියේ, අන්කාරා නගරයේ ජීවත් වන දිල්හානි චන්ද්‍රකුමාර් නම් මෙම තරුණිය විසින් සිය දෙමහල් නිවසේ උඩු මහල භූ කම්පනයෙන් විපතට පත් හය දෙනෙකුගෙන් යුත් පවුලකට ලබා දී ඇති බව වාර්තා වනවා.
“මේකෙන් මට සහ සැමියාට ලැබෙන ප්‍රතිලාභය තමයි මානසික සතුට. මේ අපේ මනුෂ්‍යත්වය. මේ වගේ වෙලාවක තමයි තේරෙන්නේ මුදල් හෝ ලෝකයේ තියෙන කිසිම දෙයක් ජීවිතය තරම් වටින්නේ නෑ කියලා” යනුවෙන් ඇය පවසා තිබෙනවා.