සියදිවි හානිකර ගන්න නීතියෙන් අවසර
වෙනත් අයෙකුගේ සහය ඇතිව සියදිවි හානිකර ගැනීම සඳහා නීතියෙන් අවසර ලබා දීමට ඔස්ට්‍රියාව කටයුතු කර තිබෙනවා.
මෙම අවසරය ලැබෙන්නේ මාරාන්තික රෝගවලින් හෝ කෙමෙන් උත්සන්න වන සදාකාලික ආබාධ ආදියෙන් හෝ පෙළෙන අයට වනවා.
කෙසේ නමුත් මෙම නීතිය ක්‍රියාත්මක වනු ඇත්තේ දැඩි රෙගුලාසි යටතේ බවද වාර්තා වේ.
අවසර ලබා දීමට පෙර අදාළ පුද්ගලයාගේ තත්ත්වය පිළිබඳව වෛද්‍යවරුන් පුළුල් අධ්‍යයනයක් කරනු ඇත.
සිය දිවි හානි කරගැනීමට අවසර දෙනු ඇත්තේ වෙනත් එකදු විකල්පයක් හෝ නොමැති නම් පමණි.
වෙනත් විසඳුම් තිබියදී කෙනෙකු දිවි නසා ගැනීමට යොමු වීම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් වෙනුවෙන්ද රජය අරමුදල් වෙන්කර ඇති බව බලධාරීහු සඳහන් කරනවා.
පසුගියදා අනුමත කරන ලද නීතියට අනුව යම් කෙනෙකුට ජීවිතය අවසන් කර ගැනීමට අවසර ලැබුණහොත් ඒ සඳහා අවශ්‍ය දේ සපයා දීමට වෛද්‍යවරයකුට හෝ සෞඛ්‍ය සේවකයකුට හෝ අවසරය හිමි වේ.
ඔස්ට්‍රියාවේ අසල්වැසි රාජ්‍යයක් වන ස්විට්සර්ලන්තයේද, බෙල්ජියම, ස්පාඤ්ඤය, නෙදර්ලන්තය වැනි රටවලද මෙවැනි නීති ක්‍රියාත්මකයි.