මාතලේ සිසුවියන් 40 ක් රෝහල් ගත කෙරේ
මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 40 දෙනෙකු පමණ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් මුල් කර ගනිමින් අද (15) උදෑසන මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහල් ගත කළ සිසුවියන් අතරින් පිරිසක් ඊයේ (14) වෙන්නප්පුව ප්‍රදේශයේ වොලිබෝල් තරඟාවලියක් සඳහා ද සහභාගි වී තිබෙනවා.
මාතලේ රෝහලේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ, රෝහල්ගතකර සිසුවියන් හට උණ, වමනය සහ හිසරදය වැනි රෝග ලක්ෂණ ඔවුන්ට පවතින බවයි.