සුකේෂ් චන්ද්‍රෂේකර්ගෙන් ජැකලින්ට වැලිගමෙන් නිවසක්
මුදල් විශුද්ධිකරණ චෝදනාවකට ලක්ව සිටින සුකේෂ් චන්ද්‍රෂේකර් විසින් ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ශ්‍රී ලංකාවේ ද වත්කම් මිලදී ගෙන ඇති බවට විමර්ශන මගින් හෙළිව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජැකලින්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී ඇය පවසා ඇත්තේ, සුකේෂ් චන්ද්‍රෂේකර් විසින් වැලිගම ප්‍රදේශයෙන් නිවසක් මිලදී ගත් බව පැවසුව ද තමන් කිසි දිනෙක එහි ගොස් නොමැති බවයි.
මුදල් විශුද්ධිකරණ නඩුවේ චෝදනාවලින් බේරීම සඳහා තමන් සුකේෂ්ගේ අපරාධ ඉතිහාසය පිළිබඳව නොදන්නා බවට ජැකලින් අසත්‍ය ප්‍රකාශන සිදුකර ඇති බවද ඒ සම්බන්ධයෙන් ගොනුකර ඇති චෝදනා පත්‍රයේ සඳහන් වනවා.
ජැකලින්ගේ, අමෙරිකාවේ සිටින සහෝදරියට ඉන්දියානු රුපියල් කෝටි 1.26ක් ලබාදී ඇති බවත් ඕස්ට්‍රේලියාවේ සිටින සහෝදරයාට ඉන්දියානු රුපියල් ලක්ෂ 15ක් සහ ඉන්දියානු රුපියල් කෝටි 5.17ක ත්‍යාග ලබාදී ඇති බවද එරට මාධ්‍ය වාර්තා කරනවා.
ජැකලින් විසින් ඇයගේ දුරකථන දත්ත මකාදමා ඇති බවත් එය සාක්ෂි විකෘති කිරීමක් ලෙස සැලකෙන බවත් ඉන්දීය මාධ්‍ය සඳහන් කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණමය කටයුතු සිදුවෙමින් පවතිනවා.