Latest News

“බොක්ස් ඔෆිස් රජු” සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

සිංහල සිනමාවේ “බොක්ස් ඔෆිස් රජු” යන විරුධාවලි ලද ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වූ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඒ මහතා 72 වන වියේ පසු විය.

සුනිල් සෝම පීරිස් මහතා විසින් චිත්‍රපට 54කට අධ්‍යක්ෂණයෙන් දායක වී ඇති අතර ජය පිට ජය, දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ, දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ යන චිත්‍රපටි ඔහු විසින් අධ්‍යක්ෂණය කර චිත්‍රපට වේ.

විටෙක සුනිල් සෝම පීරිස් මහතා නළුවෙකු, නිෂ්පාදකයෙකු හා තිර කතා රචකයෙක් ලෙස ද කටයුතු කර තිබෙනවා.