අත්‍යවශ්‍ය ඖෂධ 37ක් නැහැ – සැත්කම් කල් දැමෙයි
පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා ඇතැම් රෝහල්වල දින නියම කරන ලද හදිසි නොවන සැත්කම් සිදු කිරීම කල් දැමීමට සිදුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
ඔහු මේ බව සඳහන් කලේ, අද (19) පාර්ලිමේන්තුවේදී යි.
ඖෂධ ලබාගැනීමේ ගැටලුවත් සමග පවතින තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම රෝහල් පද්ධතිය තුළ මේ වනවිට නොමැති ඖෂධ සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී පැහැදිළි කළා.
එහිදී ඔහු කියා සිටියේ, අත්‍යවශ්‍ය ඖෂධ 646 න් 37 ක් මේ වනවිට නොමැති බවයි.