Latest News

සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට සහනයක් වන්න ඔබත් දායක වන්න

ප්‍රවීන රංගන ශිල්පිනියක වන සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය නැවත වතාවක් පිළිකා රෝගයට ගොදුරු වී ඇති බව වාර්තා වනවා.

ඇය විසින් මුහුණුපොතෙහි සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, 2020 වසරේදී ඇය පියයුරු පිළිකා රෝගයට ගොදුරු වී සුවය ලැබුවත්, 2023 වසරේදී සිදුකළ පරීක්ෂණ මගින් නැවතත් එම රෝගයට ගොදුරු වී ඇති බවයි.

කෙසේවෙතත් රජයේ, රෝහල් තුල මිල අධික ඖෂධ නොමැති වීම හේතුවෙන් එය පෞද්ගලිකව ලබා ගැනීමට සිදුවී ඇති බව ඇය පවසා තිබෙනවා.

මේ හේතුවෙන් ඇය සටහනක් තබමින් ඉල්ලා ඇත්තේ, ඖෂධ සඳහා දැරීමට සිදුව ඇති මුදල අධික වීම නිසා මුදල් ලබා ගැනීමට ඇයගේ මිතුරන් විසින් ආරම්භ කර ඇති ගිණුමට දායක වන ලෙසයි.

ඇයගේ සටහන පහතින් …..

” ඉංග්‍රීසි භාෂාවෙන් මගේ මිතුරිය මා පිළිබඳව මෙසේ සවිස්තරාත්මකව සටහනක් තැබුවත්,මා පිළිබඳව දන්නා ඔබට මම ද මෙසේ ලියන්නට සිතුවෙමි. 2020 වර්ෂයේ මා පිළිකා රෝගයට ගොදුරු වී සුවය ලැබූ බව ඔබ සැවොම දන්නා කරුණක්.2023 වර්ෂයේ කළ පරීක්ෂණ වලින් නැවතත් මම ඒ රෝගයට ගොදුරු වී ඇති බව දැනගන්නට ලැබුණා.අපේක්ෂා රෝහලේ මගේ වෛද්‍යවරුන් කඩිනමින් කිමෝ ප්‍රතිකාර නැවතත් ආරම්භ කලත්,රජයේ රෝහල්වල එම මිලාධික ඖෂධ නොමැති නිසා,පෞද්ගලිකව එම ඖෂධ ලබා ගැනීමට සිදුවි ඇත.එහෙත් එය මට සිතා ගැනීමටවත් නොහැකි මුදලක් නිසා මෙවැනි සත් ක්‍රියාවකට දායක වීමට ඔබත් කැමති නම්,දායක වන්නැයි මගේ ඇරයුම.☺️??”

මම, සුසන්තා චන්ද්‍රමාලි..
BOC මත්තෙගොඩ
71980944
A.N.W.සුසන්තා චන්ද්‍රමාලි
0777578737