ප්රවීණ රංගන ශිල්පිනි ස්වර්ණා කහවිට දිවි ගමනට සමුදෙයි
මෙරට සිනමාවේ ප්රවීණ හා ජනප්රිය රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට මහත්මිය අභාවප්රාප්තවී තිබෙනවා.
වසර 50 කට අධික කාලයක් සිනමාව වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන් ඇය කලක් රෝගාතුරව සිටියා.
ඇය ප්රවීණ සිනමාපත්ර කලාවේදී ආරියරත්න කහවිටගේ නැගණිය ද වනවා.
ස්වර්ණා කහවිට “වෙසතුරු සිරිත” චිත්රපටයේ ඉතා සුළු චරිතයකින් සිංහල සිනමාවට පිවිසියා.
අනතුරුව “බිනරමලී” චිත්රපටයේ බිනරමලී ලෙස මුල්වරට ප්රධාන චරිතයක් නිරූපණය කළ ඇය 1970 වසරේදී එම චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබුවා.
ස්වර්ණා කහවිට මහත්මිය “රහස් දූපත, රෑණ ගිරව්, සිරිල් මල්ලි, රං ඔන්චිල්ලා, අභිරහස, ඔන්න බබෝ බිල්ලෝ එනවා, හරිම බඩු තුනක්,දයාබර නිලූ” ආදී චිත්රපට 35 කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී හෙට (24) පස්වරු 4.30ට සිදුකිරීමට නියමිතයි.