ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පුහුණු තරඟයක
පන්දුවාර 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වන දෙවන පුහුණු තරඟය බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම එරෙහිව අද (08) පැවැත්වෙනවා.
මෙවර 20යි 20 ලෝක කුසලාන තරඟාවලිය දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන අතර තරඟාවලියට එක්වන කණ්ඩායම් 10 මේ දිනවල පුහුණුවීම් තරඟවල නිරත වෙමින් සිටිනවා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගි වූ පළමු පුහුණු තරඟයේදී අයර්ලන්තයට එරෙහිව ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට සමත් වුණා.
මෙවර 20යි 20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පෙබරවාරි මස 10 වනදා ආරම්භ වීමට නියමිතයි.
මෙවර තරඟාවලියේදී ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය, නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාව A කාණ්ඩයෙන් තරඟ වදින අතර චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමද එම කාණ්ඩයට ඇතුළත් වනවා.
B කාණ්ඩය යටතේ එංගලන්තය, ඉන්දියාව, අයර්ලන්තය, බටහිර ඉන්දීය කොදෙව් සහ පාකිස්තාන කණ්ඩායම් තරඟ වදිනවා.