වායු රයිෆල් සහ ටයිකොන්ඩෝ පුහුණුව සඳහා නවක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක්
දුණු විදීම, වායු රයිෆල් සහ ටයිකොන්ඩෝ පුහුණුව සඳහා නවක තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජාතික හා ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කිරීමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකය මගින් මෙම වැඩසටහන මෙහෙයවීමට බලාපොරොත්තු වන බව අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
මෙම ක්‍රීඩා සඳහා මාර්ගෝපදේශකත්වය පළපුරුදු උපදේශකවරුන් විසින් මෙහෙයවනු ලබනවා.
මෙහිදී ක්‍රීඩා අමාත්‍යාංශය උපදෙස් දී ඇත්තේ,මෙම ක්‍රීඩා සඳහා කැමැත්තක් දක්වන පිරිස් සිටියි නම් 076-0825143 යන අංකයට වට්ස් ඇප් මාර්ගය ඔස්සේ පහත විස්තර එක් කරන ලෙසයි.