Latest News

තායිවාන විලාසිතා නිර්මාණ සම්මානය දිනූ රුවන්ති

තායිවාන විලාසිතා නිර්මාණ සම්මාන උළෙල 2021 ප්‍රදර්ශනය පසුගිය ඔක්තෝම්බර් 6 වැනිදා පැවැත්වුණා.

මෙහිදී විලාසිතා නිර්මාණ සම්මානය සඳහා වන අවසන් තේරීම් ප්‍රදර්ශනයට රටවල් සහා කලාප 18ක නිර්මාණ කරුවන් 450ක පිරිසක් ඉදිරිපත්ව තිබුණා.

මෙම විලාසිතා නිර්මාණ සම්මාන උළෙලේ අවසන් තේරීම් සඳහා ශ්‍රී ලංකාවේ රුවන්ති ගජධීර මහත්මිය ද එක්ව සිටි අතර ඇය එම සම්මාන උළෙලේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වුණා.

මෙම සම්මාන උළෙලේ නියෝජනය කරමින් ජයග්‍රහණය කළ පළමු දකුණු ආසියාතිකයා ලෙස රුවන්ති ඉතිහාසයට එක්වීම ද විශේෂත්වයක්.