තායිවාන ජනාධිපතිනියගේ අමෙරිකානු හමුව ගැන චීනයේ අප්රසාදය
තායිවාන ජනාධිපතිනිය සායි ඉන්ග්-වෙන් අමෙරිකානු කතානායකවරයා හමුවීම චීනය හෙලා දැක තිබෙනවා.
අදාළ හමුවීම ඊයේ (05) සිදු වූ අතර චීනය කියා සිටියේ, මෙය රටවල් දෙක අතර ඇති ගැටළු සහගත තත්ත්වය තවත් උග්ර කරන්නක් බවයි.
චීනය විසින් හඳුන්වා දෙනු ලබන්නේ තායිවානය තම රටේ කොටසක් ලෙසයි.
මෙම හමුව සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වමින් චීනය කියා සිටියේ, ඉදිරියේදී තායිවානයට එරෙහිව දැඩි තීරණ ගන්නා බවයි.