සියලුම නිවේදිකාවන් රුපවාහිනියේ පෙනී සිටියදී මුහුණු ආවරණය කළ යුතුයි
නිවේදිකාවන් ඇතුළුව රුපවාහිනියේ පෙනී සිටින සියලුම කාන්තාවන් මුහුණ ආවාරණය කළ යුතු බවට ඇෆ්ගන්ස්තානයේ තලෙයිබාන් රජය නියෝග කර තිබෙනවා.
එය නීතියක් නොව උපදෙසක් බව තලෙයිබාන් පාලකයින් පවසන අතර එම උපදෙස පිළිනොපදින අයට දඬුවම් ලබා දෙන්නේද යන්න මෙතෙක් හෙළිකර නැහැ.
තලෙයිබාන් පාලකයින්ගේ මෙම දැඩි නීති ඇෆ්ගන්ස්තාන් මාධ්‍යවේදිනියන් ඇතුළු පාර්ශව රැසක විවේචනයට ලක්ව තිබෙනවා.
ඒ අනුව සිය මුව ආවරණය කරමින් ප්රවෘත්ති ඉදිරිපත් කරන්නේ කෙසේදැයි එරට මාධ්‍යවේදිනියක් ප්‍රශ්න කර තිබුණා.
මිට සති දෙකකට පමණ පෙරදී ඇෆ්ගන්ස්තාන් තලෙයිබාන් පාලකයින්, සියලුම කාන්තාවන් පොදු ස්ථානවලදී මුහුණු ආවරණය කළ සිටිය යුතු බවට ද නීතියක් පනවා තිබෙනවා.