ඇෆ්ගන් කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් කෙරේ
ඇෆ්ගන් කාන්තා විශ්ව විද්‍යාල වසා දමා ඔවුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ද තහනම් කිරීමට එරට තලේබාන් පාලකයෝ තීරණය කර තිබෙනවා.
ඇෆ්ගන් තලේබාන් රජයේ උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, කාන්තා විශ්ව විද්‍යාල වසා දමන බවත්, කාන්තාවන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය තහනම් බවත් ය.
තලේබාන්වරුන්ගේ නීති අනුව එරට ද්විතීක බාලිකා අධ්‍යාපනය පවා තහනම් කර තිබෙනවා.
මේ වනවිට තලේබාන්වරුන් ඔවුන්ට ආවේණික වූ දරදඬු ෂරියා නීතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නංවා තිබෙනවා.