ලිප දැල්වීමට ගිය ගුරුවරිය ගිනි ඇවිලී මියයයි
ලිප දැල්වීමට යෑමේදී සිරුරට ගිනි ඇවිලීමෙන් යාපනයේ, උඩුතුරෙයි ප්රදේශයේ පදිංචි කාන්තාවක් පසුගිය (08) ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ,49 හැවිරිදි ප්රභාකරන් ප්රීම්ලතා නමැති ගුරුවරියක්.
අදාළ කාන්තාව ළිප දල්වන අවස්ථාවේදී මුළුතැන්ගෙයි මුල්ලක පෙට්රල් බෝතලයක් තිබී ඇති අතර එයට ගිනි ඇවිලීමෙන් ඇය පිළිස්සුම් තුවාල සහිතව පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිසිය සඳහන් කළා.
කෙසේවෙතත් එම කාන්තාව රෝහල් ගතකොට ස්වල්ප වේලාවකදී මියගොස්ව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මරදන්කේණී පොලිසිය විමර්ශන කටයුතු සිදු කරනවා.