Latest News

ගුරුවරියන්ගේ සාරිය ගැන අධ්‍යාපන ඇමැතිගෙන් ප්‍රකාශයක්…

සාරිය හෝ ඔසරිය වෙනුවට ගුරුවරුන්ට වෙනත් පහසු ඇඳුමක් හඳුන්වා දෙන ලෙසට කර තිබෙන ඉල්ලීමට මහා සංඝරත්නයේ මෙන්ම ආදි ශිෂ්‍ය සංගම්වලද දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

ගුරුවරියන්ගේ සාරිය වෙනුවට වෙනත් ඇඳුමක් නිර්දේශ නොකරන ලෙස මහා සංඝරත්නය අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තට දැනුම් දී තිිබෙනවා.

මේ සම්බන්ධයෙන් සිදු කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන ඇමැතිවරයා සඳහන් කර සිටියේ, එම ඇඳුම වෙනස් කිරීමේ කිසිදු අදහසක් නොමැති බවයි.

පවතින තත්ත්වයන් හමුවේ සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුමක් හඳුන්වා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෙනෙවිරත්නගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණේ ලංකා ගුරු සංගමයයි. එම සංගමය සඳහන් කර තිබුණේ ප්‍රවාහන ගැටලු හේතුවෙන් ගුරුවරියන් විශාල පිරිසක් යතුරුපැදිවලින් පාසලට පැමිණෙන බවත් පවතින ආර්ථික අර්බුධය මත සාරි සඳහා සැලකිය යුතු වියදමක් දැරීමට සිදු වන බවයි. යතුරුපැදිවලින් ගමන් කිරීමේ දී සාරිය වෙනුවට වෙනත් පහසු ඇඳුමක් වඩාත් යෝග්‍ය බවත් එම සංගමය විසින් ඉදිරිපත් කළ ලිපියේ සඳහන්.