Latest News

තායි රජුගේ වැඩිමහල් දියණිය හෘදයාබාධයක් හේතුවෙන් රෝහල්ගත කෙරේ

තායිලන්තයේ Vajiralongkorn රජුගේ වැඩිමහල් දියණිය වන Bajrakitiyabha කුමරිය, හෘදයාබාධයක් හේතුවෙන් හදිසියේ ඇද වැටීම නිසා රෝහල් ගතකළ බව එරට රාජකීය මාළිගය නිවේදනය කර තිබෙනවා.

44 හැවිරිදි ඇයව හෙලිකොප්ටරයකින් ප්‍රතිකාර සඳහා බැංකොක් හි රෝහලකට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඇයගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රාජකීය මාළිගාව නිවේදනය කළ ද සමහර මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ඇයට අසාධ්‍ය බවයි.