Latest News

“මැණිකේ මගේ හිතේ” ගීතය බොලිවුඩ් චිත්‍රපටයකට

“මැණිකේ මගේ හිතේ ” ගීතය ජාත්‍යන්තරය ජය ගනිමින් නැවතත් කරලියට පැමිණ තිබෙනවා.

ඒ , බොලිවුඩ් චිත්‍රපටයක් වන Thank God චිත්‍රපටය සඳහා “මැණිකේ මගේ හිතේ ” ගීතය යොදා ගැනීමත් සමගයි.

මෙහි පූර්ව ප්‍රචාරක පටය පසුගියදා මුදා හැරුණ අතර අද උදෑසන 11ට “මැණිකේ මගේ හිතේ ” ගීතයේ හින්දි ගීතය මුදා හැර තිබෙනවා.

චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පීන් වන අජේ දෙව්ගන් හා සිද්ධාර්ත් මල්හෝත්‍රා යි.

මෙහි සංගීත නිර්මාපක චමත් සංගීත් ,ගීත රචක දුලාන් ඒ.ආර්.එක්ස් සහ ගීතය ගායනා කරන යොහානි ද සිල්වා හා සතිශාන් ඇතුළු පිරිස චිත්‍රපටය සඳහා සම්බන්ධ කර ගෙන තිබෙනවා.

ටනික්ෂ් භාග්චි විසින් ගී තනුව ප්‍රති නිර්මාණය කර ඇති අතර තනු නිර්මාණය චමත් සංගීත් විසින්ම සිදුකර තිබෙනවා.

මෙම ගීතය බොලිවුඩයේ සුපිරි ආයතනයක් වන T – Series සමග එක්ව සිදුකර ඇති බව වාර්තා වනවා.

Thank God චිත්‍රපටය ඔක්තෝම්බර් 25 වනදා තිරගතවීමට නියමිතයි.